Procare වංචාවේ ප්රධාන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

- S D Perera
- 20 May, 2025
ශ්රී ලංකාවේ Shade of Procare (Pvt) Ltd සමාගමේ අධ්යක්ෂවරුන් දෙදෙනෙකු වන ප්රධාන විධායක නිලධාරී අහංගම පොල්වත්තේ ගලප්පත්තිලාගේ අමිල විරාජ් දිලංක ගලප්පත්ති සහ සභාපති මංජුල රණසිංහ රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබී අත්අඩංගුවට ගෙන අද 20 වන දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 2025 ජුනි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් නියෝග කළාය.
රහස් පොලිසිය විසින් ඊයේ (මැයි 19) අත්අඩංගුවට ගනු ලැබූ අමිල විරාජ් දිලංක ගලප්පත්ති අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. අද (මැයි 20) සභාපති මංජුල රණසිංහ රහස් පොලිසියට ප්රකාශයක් ලබා දීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහුද ජුනි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම විමර්ශනය ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත ආරම්භ කර ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇත. Shade of Procare (Pvt) Ltd සමාගම තරුණ තරුණියන් ලක්ෂ පහකට රියදුරු රැකියාවල සිට ඉහළ වෘත්තීය ධූර දක්වා රැකියා ලබා දෙන බවට ප්රචාරය කරමින්, එක් අපේක්ෂකයෙකුගෙන් රුපියල් 21,000ක ගාස්තුවක් අය කරමින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම පැමිණිල්ල යළි කැඳවීම 2025 ජුනි 2 වන දින සිදුවීමට නියමිතය.
Leave a Reply
Your email address will not be published. Required fields are marked *