මහ බැංකුවෙන් තහනම් කල procare පිරමීඩ ජාවාරමේ හතරක් රිමාන්ඩ් භාරයට
මහ බැංකුවෙන් තහනම් කල procare පිරමීඩ ජාවාරමේ ලේකම් සන්ධ්‍යා සිරිමල්වත්ත අත්අඩංගුවට.
Procare වංචාවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
Shade of Procare (Pvt) Ltd සමාගමේ අධ්යක්ෂවරයකු රක්ෂිත බන්ධනාගාරයට
Shade of Procare (Pvt) Ltd සමාගමේ අධ්යක්ෂවරයකු රක්ෂිත බන්ධනාගාරයටරැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ Shade of Procare (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය අද (19) නියෝග කළාය.රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරයා වූයේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අහංගම පොල්වත්තේ ගලප්පත්තිලාගේ අකිල විරාජ් දිලංක ගලප්පත්ති යන අයයි. අදාළ සමාගමේ සභාපතිවරයා ( මංජුල රණසිංහ ) හෙට දිනයේදී රහස් පොලිසියට ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත අතර, ඔහුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුවීමට නියමිතය.අධිකරණයට කරුණු දැක්වූ පොලිස් සැරයන්වරයෙකු පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.අදාළ පිරමීඩාකාර සමාගම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ පහකට රියදුරු රැකියාවල සිට ඉහළ වෘත්තීය ධූරයන් දක්වා රැකියා ලබා දෙන බව ප්‍රචාරය කළා. ඔන්ලයින් ඔස්සේ පුහුණු පාඨමාලා පවත්වන බවත්, එක් අපේක්ෂකයෙකුගෙන් රුපියල් 21,000ක් වශයෙන් අයකරමින් මුදල් වංචා කළ බවත් රහස් පොලිසිය පැවසීය.එමෙන්ම, මෙම සමාගම කොළඹ B.M.I.C.H. පරිශ්‍රයේ රැකියා වෙළඳපොලක් සංවිධානය කරමින් සිටින බවත්, ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැන්වීම් පළ කර ඇති බවත් අධිකරණය හමුවේ නිරූපණය විය.මෙම පැමිණිල්ල යළි කැඳවීමට නියමිත දිනය හෙට (20) වේ.
Your email address will not be published. Required fields are marked *