:
https://sam24news.com/uploads/images/ads/adds.jpg

ඉන්දීය ගුවන් අනතුර: මගීන් 241ක් ජීවිතක්ෂයට, එක් අයෙක් දිවි ගලවා ගනී!

top-news
https://sam24news.com/uploads/images/ads/adds.jpg

2025 ජුනි 12 වන දින, ඉන්දීය වේලාවෙන් දහවල් 1:39 ට අහමදාබාද් හි සර්දාර් වල්ලභායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ලන්ඩන්

ගැට්වික් බලා පිටත් වූ Air India ගුවන් සේවයට අයත් AI171 දරණ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය ගුවන්ගත වී මිනිත්තු කිහිපයකට

පසු කඩා වැටී ඇත. මෙම අනතුරින් යානයේ සිටි මගීන් 229 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනා ඇතුළු 241 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ගුවන් යානය කඩා වැටුණේ බීරම්ජී ජීජීභායි වෛද්‍ය විද්‍යාලයේ සහ සිවිල් රෝහලේ වෛද්‍යවරුන් සඳහා නවාතැන් ලෙස භාවිත කරන

ගොඩනැගිල්ලක් මතටයි. ඒ හේතුවෙන්, බිම සිටි තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද මියගොස් ඇත. මේ අනුව අනතුරින් මියගිය මුළු සංඛ්‍යාව

270ක් දක්වා ඉහළ ගොස් තිබේ.


දිවි ගලවා ගත් එකම මගියා

මෙම බිහිසුණු අනතුරින් දිවි ගලවා ගත්තේ එක් අයෙක් පමණි. ඔහු බ්‍රිතාන්‍ය ජාතික, ඉන්දීය සම්භවයක් සහිත 40 හැවිරිදි විශ්වාෂ්කුමාර් රමේෂ් මහතායි.


ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානයේ බඳෙහි ඇතිව තිබුණු විවරයක් හරහා තමාට ඉන් එළියට පැමිණීමට හැකි වූ බවයි.

"මට බකල් එක ගලවා ගන්න පුළුවන් උණා. ඒ විවරයෙන් කකුලෙන් හයිය අරන් බඩගා ගෙන එළියට ආවා," ඔහු සඳහන් කර තිබේ.

අනතුර සිදුවන මොහොතේ විදුලි ලාම්පු නිවී නිවී දැල්වෙන්න පටන් ගත් බවත්, පසුව යානය ගොඩනැගිල්ලක හැපී පුපුරා ගිය බවත් ඔහු පවසා ඇත.


අනතුරට හේතුව කුමක්ද?

අනතුරට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත. කෙසේ වෙතත්, වාර්තා වන පරිදි, ගුවන්ගත වීමට තත්පර කිහිපයකට පෙර නියමුවා

අහමදාබාද් ගුවන් පාලක මධ්‍යස්ථානයට "මේඩේ මේඩේ... NO THRUST GOING DOWN..." (මා අසරණයි, බලය නැත, පහළට යනවා)

යන හදිසි පණිවුඩය ලබා දී තිබේ. මෙය තත්පර 5ක් වැනි කෙටි කාලයක් තුළ සිදු වූ පණිවුඩයකි.

යානයේ කළු පෙට්ටි (Flight Data Recorder සහ Cockpit Voice Recorder) සොයා ගැනීමෙන් පසු අනතුරට හේතුව පිළිබඳව වැඩිදුර

තොරතුරු අනාවරණය වනු ඇත. ඉන්දියාවේ ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය (Aircraft Accident Investigation Bureau) එක්සත් ජනපද

ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) සහ බ්‍රිතාන්‍ය විමර්ශකයින්ගේ සහාය ඇතිව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.


විමර්ශන මත: විය හැකි හේතු

විශේෂඥයින්ගේ මූලික අනුමාන අනුව හේතු කිහිපයක් සාකච්ඡා වී ඇත:

  • තාක්ෂණික දෝෂයක්: යානයේ එන්ජින් තෙරපුම අහිමි වීම හෝ පියාසර පාලන පද්ධතියේ දෝෂයක්.
  • නියමුවන්ගේ දෝෂයක්: ගුවන්ගත වීමේදී සිදුවූ වැරදි ක්‍රියා පටිපාටියක්. සමහර වාර්තාවල දැක්වෙන්නේ ගුවන්ගත වීමේදී "ෆ්ලැප්" (flaps)
  • නිවැරදිව සකස් නොවීම හෝ රෝද ඇතුළට ගැනීමේ ලීවරය වෙනුවට වෙනත් ලීවරයක් ක්‍රියාත්මක කිරීම වැනි හැකියාවන්ය.
  • බාහිර සාධක: කුරුලු ගැටුමක් (bird strike) වැනි බාහිර සාධකයක් ද බලපාන්නට ඇති බවට අනුමාන කෙරේ.
  • දේශගුණික තත්ත්වයන්: ගුවන්ගත වන අවස්ථාවේ අහමදාබාද් අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ආසන්නව පැවතීම නිසා වාතයේ
  • ඝනත්වය අඩු වීම යානය ඉහළට එසවීමට අවශ්‍ය බලයට බලපාන්නට ඇතැයි මත පළ වේ.
  • ගුවන්තොටුපළ අවට ඇති බාධා: ගුවන් තොටුපළට ආසන්නයේ උස ගොඩනැගිලි පිහිටා තිබීම ද අනතුරේ බරපතලකමට බලපාන්නට ඇතැයි
  • ගුවන් ආරක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙය දශකයකට ආසන්න කාලයක් තුළ ඉන්දියාවේ සිදුවූ දරුණුතම ගුවන් අනතුරක් ලෙස සැලකේ. මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන්

අතර ඉන්දීය, බ්‍රිතාන්‍ය, පෘතුගීසි සහ කැනේඩියානු ජාතිකයින් සිටි බව වාර්තා වේ. බොහෝ දෙනා තම පවුලේ සාමාජිකයන් සමඟ හෝ ආගමික

කටයුත්තක් සඳහා ඉන්දියාවට පැමිණ නැවත සිය රටවල් බලා යමින් සිටි අය වෙති.

https://sam24news.com/uploads/images/ads/adds.jpg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *